top of page

Uposata Sila Observation Day

( In Sinhala )

On the Third Saturday of Every Month

From 8 am to 4 pm

 On this Day, you can make immense merits to benefit your life here and now and in the hereafter. This dedicated practice of virtue and mindfulness serves as a powerful foundation for your spiritual journey, helping you to achieve the ultimate happiness of Nibbana.

During this most meritorious day, you have the opportunities for...,

  • Observation of Eight Precepts

  • Vandana

  • Sambuddha Pooja

  • Chantings

  • Meditations

  • Dana Offering

  • Dhamma Desanas

  • Dhamma Discussions

  • Merit Sharing

Brown and Grey Aesthetic Vintage Photo Collage Instagram Post.png

Eight Precepts - අෂ්ටාංග උපෝසථ සීලය

  1.  Pāṇātipātā veramaṇī sikkhāpadaṃ samādiyāmi. -  මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

  2.  Adinnādānā veramaṇī sikkhāpadaṃ samādiyāmi. - මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්,       අද දවස පුරාවට, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

 

  3.  Abrahmacariyā veramaṇī sikkhāpadaṃ samādiyāmi. - මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

  4.  Musāvādā veramaṇī sikkhāpadaṃ samādiyāmi. - මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

 

  5.  Surāmerayamajja-pamādaṭṭhānā veramaṇī sikkhāpadaṃ samādiyāmi. - මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

 

  6. Vikālabhojanā veramaṇī sikkhāpadaṃ samādiyāmi.​ මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, විකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

  7.  Nacca-gīta-vādita-visūkadassanā mālā-gandha-vilepana-dhāraṇa-maṇḍana-vibhūsanaṭṭhānā veramaṇī sikkhāpadaṃ samādiyāmi.​​ - මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, නැටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන නැරඹීමෙන් ද, මල්, සුවඳ විලවුන් දැරීමෙන් ද, විසිතුරු ලෙස ඇඟ සැරසීමෙන් ද වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

 

  8.  Uccāsayana-mahāsayanā veramaṇī sikkhāpadaṃ samādiyāmi.- මම, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අද දවස පුරාවට, වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.

උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, මා සමාදන් වූ මේ සීලය, මේ ජීවිතයේ යහපත පිණිස ද, පරලොව සුගතිය පිණිස ද, සංසාර දුකින් නිදහස් වීම පිණිස ද උපකාර වේවා !"

සාදු! සාදු!! සාදු!!!

bottom of page